රේවත ස්වාමීන් වහන්සේ වසින් විහාරස්ථානයෙ දියුණු කර කටයුතු පවත්නාගෙන යාම සඳහා පූජ්‍ය මිණුවන්ගොඩ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ වෙත බාර කරන ලදී මෙම යුගයේ පන්සලට චෛතය ක අවශ්‍යතාවය මතුවීම හේතුවෙන් ඒ සදහා අරමුදල් රැස් නිරීම ආරම්භ කරන ලදී. එවකට දායක සභාවේ කටයුතු කල ගාමිනී ජයසූරිය සහ එම්. ඩී වීරසේන ප්‍රමුඛ අයවලුන් විසින් චෛත්‍ය ට මුල්ගල්තබා ඉදිරි කටයුතු කරගෙන යද්දි ස්වාමීන්වහන්සේ අත ඇති මුදල් පිළිබඳඇතිවූ තත්ත්වය යටතේ වැඩ අත්හිටවන ලදී. නමුත් ගමේ තරුණ පිරිස් එක්ව කරුනු සමථයකට පත් කර උපුල් ප්‍රියංකර තරුණ මහතාගේ මැදහත්වීමෙන් බොරෙළු ගොඩ ජානකී ගුණවර්ධන මැතිණියගේ සහයෝගය ලබාගනිමින් චෛත්‍යය ඉඳිකිරීම නැවත ආරම්භ කරන ලදී. නව වැඩපිළිවෙල යටතේ ඉතා ඉක්මණින් චෛත්‍යය සම්පූර්ණ වි එහි නිදන් කිරීම සඳහා ජානකී ගුණවර්ධන මැතිණියගේ නිවසේ තැන්පත් කර තිබූ සීවලී ධාතූන් වහන්සේ මෙහි වඩමවා නිධහන් කර වැඳුම්පිදිමි සඳහා විවෘත කරන ලදී.
No comments:
Post a Comment