විහාරස්ථානය ක්‍රමයෙන් දියුනුවෙම්න් පවතිද්දී ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ වෙත ලැබුණු තොරතුරකට අනුව කොලඹ මරදාන ප්‍රෙද්ශයේ පැවති සර්වෝදය නම් ආයතනයක් ඇති බවත් එමඟින් දුප්පත් ගම්මානවල ට උදව් කරන බවත් දැනගන්නට ලැබිණ.ඒ අනුව නායක හාමුදුරුවන්ගේ අනු දැනුම පිට මම ඉදිරිපත් වී එහි ගියෙමි.
සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මහතා හා තවත් නියෝජිත පිරිසක් අප ගම් ප්‍රෙද්ශයට එවන බවත් , ඊට අදාල දින වකවානු දන්වා එවන ඉවත් මා( ධනපාල මහතා) සමඟ පැවසීය.නොබෝ දිනකින්ම සර්වෝදය ව්‍යාපරයේ ටම්මාන සියයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුලත් කල බවත් එහි සංවිධායක ලෙස මා ( ධනපාල මහතා ) පත්කල ඉවද දන්වා ලිපියක් එවන ලදී. ගම් සියයේ වැඩ සටහනේ 70 වෙනි ගම්මානය හේවායින්නයි. (සර්වෝදය ප්‍රධාන වශයෙන් ශ්‍රමදාන සංගමයකි. රජය පිළිගත් ස්වේච්ඡා ආයතනයති. මෙහි ශ්‍රමදාන කඳවුරු පැවැත්වීම මඟින්සංවර්ධන කටයුතු කිරීම හා සහයෝගය ඇති කිරීම එක් සංවර්ධන උපාය මාර්ගයකි.) පළමු රැස්වීමේදීම තීරණය වූයේ මාරග සකස් කිරීමයි. ඒඅනුව හීනටිදෙනිය සිට අභිනවාරාමය දක්වා කොටස සංවර්ධනය කාරීමේ අරම්ණින් ශ්‍රමදාන කඡවුරු කිහිපයක් සංවිධානය කරනලදී.මෙම මාර්ගය දැනටමග් මාර්ගයක් ලෙස මිනුම් නර තිබිණි. මාර්ගය වාහනයක් ගමන් කලහැකි මට්ටමට සකස් කර විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.මේ වන විට අප විහාරස්,ානයේ නායක ස්වාමීන් වහන්සේට බස්නාහිර පළාතේ සංඝනායක පදවියක් ලැබුණු අතර ඒ පිළිබඳ පිළිගැනීමේ උත්සවයද මාර්ගය විවෘත කිරීමද එකටමයොදාගන්නා ලදී. උත්සව දිනයේදී හීනට් දෙනිය හන්දියේ සිට අභිනවාරාමය දක්වා පෙරහරින් අමුත්තන් කැඳවාගෙන විහාරස්ථාන යට ගොස් උත්සව සභාවක් පවත්වනලද අතර ඒ ටී ආරියරත්න මහතා දීර්ඝ දේශනයක් පවත්වමින් මාර්ගයේ ඉතිරි කටයුතු සඳහා උදව් කරන බව ප්‍රකාශ කලේය.
මින් අනතුරුව සඳහන් කලයු තු කණගාටුදායක සංසිද්ධිය වූයේ නායක හාමුදුරුවන්ගේ අපවත්වීමයි දින වකවානු සිහියට නගාගත නොහැකි වුවද පඤ්ඤාශේඛර නායක ස්වාමීන් වහනසේගෙන් පසුව විහාරස්ථානය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක වන පූජ්‍ය නවගමුවේ රේවත ස්වාමීන් වහන්සේට පවරා දෙනු ලැබිණ.
No comments:
Post a Comment