Tuesday, October 7, 2025

හේවායින්නට චෛත්‍යයක්

 

රේවත ස්වාමීන් වහන්සේ වසින් විහාරස්ථානයෙ දියුණු කර කටයුතු පවත්නාගෙන යාම සඳහා පූජ්‍ය මිණුවන්ගොඩ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ වෙත බාර කරන ලදී මෙම යුගයේ පන්සලට චෛතය ක අවශ්‍යතාවය මතුවීම හේතුවෙන් ඒ සදහා අරමුදල් රැස් නිරීම ආරම්භ කරන ලදී. එවකට දායක සභාවේ කටයුතු කල ගාමිනී ජයසූරිය සහ එම්. ඩී වීරසේන ප්‍රමුඛ අයවලුන් විසින් චෛත්‍ය ට මුල්ගල්තබා ඉදිරි කටයුතු කරගෙන යද්දි ස්වාමීන්වහන්සේ  අත ඇති මුදල් පිළිබඳඇතිවූ තත්ත්වය  යටතේ වැඩ අත්හිටවන ලදී. නමුත් ගමේ තරුණ පිරිස් එක්ව කරුනු සමථයකට පත් කර උපුල් ප්‍රියංකර  තරුණ මහතාගේ මැදහත්වීමෙන් බොරෙළු ගොඩ  ජානකී ගුණවර්ධන මැතිණියගේ සහයෝගය ලබාගනිමින්  චෛත්‍යය  ඉඳිකිරීම නැවත ආරම්භ කරන ලදී. නව වැඩපිළිවෙල යටතේ ඉතා ඉක්මණින් චෛත්‍යය සම්පූර්ණ වි එහි නිදන් කිරීම සඳහා ජානකී ගුණවර්ධන මැතිණියගේ නිවසේ තැන්පත් කර තිබූ සීවලී ධාතූන් වහන්සේ මෙහි වඩමවා නිධහන් කර වැඳුම්පිදිමි සඳහා විවෘත කරන ලදී.



සර්වෝදය ආගමනය

 

විහාරස්ථානය ක්‍රමයෙන් දියුනුවෙම්න් පවතිද්දී ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ වෙත ලැබුණු තොරතුරකට අනුව කොලඹ මරදාන ප්‍රෙද්ශයේ පැවති සර්වෝදය නම් ආයතනයක් ඇති බවත් එමඟින් දුප්පත් ගම්මානවල ට උදව් කරන බවත් දැනගන්නට ලැබිණ.ඒ අනුව නායක හාමුදුරුවන්ගේ අනු දැනුම පිට මම ඉදිරිපත් වී එහි ගියෙමි.

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න මහතා හා තවත් නියෝජිත පිරිසක් අප ගම් ප්‍රෙද්ශයට එවන බවත් , ඊට අදාල දින වකවානු දන්වා එවන ඉවත් මා( ධනපාල මහතා) සමඟ පැවසීය.නොබෝ දිනකින්ම සර්වෝදය ව්‍යාපරයේ ටම්මාන සියයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුලත් කල බවත් එහි සංවිධායක ලෙස මා ( ධනපාල මහතා    ) පත්කල ඉවද දන්වා ලිපියක් එවන ලදී. ගම් සියයේ වැඩ සටහනේ 70 වෙනි ගම්මානය හේවායින්නයි. (සර්වෝදය ප්‍රධාන වශයෙන් ශ්‍රමදාන සංගමයකි. රජය පිළිගත් ස්වේච්ඡා ආයතනයති. මෙහි  ශ්‍රමදාන කඳවුරු පැවැත්වීම මඟින්සංවර්ධන කටයුතු කිරීම හා සහයෝගය ඇති කිරීම එක් සංවර්ධන උපාය මාර්ගයකි.) පළමු රැස්වීමේදීම තීරණය වූයේ මාරග සකස් කිරීමයි. ඒඅනුව හීනටිදෙනිය සිට අභිනවාරාමය දක්වා කොටස සංවර්ධනය කාරීමේ අරම්ණින් ශ්‍රමදාන කඡවුරු කිහිපයක් සංවිධානය කරනලදී.මෙම මාර්ගය දැනටමග් මාර්ගයක් ලෙස මිනුම් නර තිබිණි. මාර්ගය වාහනයක් ගමන් කලහැකි මට්ටමට සකස් කර විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.මේ වන විට අප විහාරස්,ානයේ නායක ස්වාමීන් වහන්සේට  බස්නාහිර පළාතේ සංඝනායක පදවියක් ලැබුණු අතර ඒ පිළිබඳ පිළිගැනීමේ උත්සවයද මාර්ගය විවෘත කිරීමද එකටමයොදාගන්නා ලදී. උත්සව දිනයේදී හීනට් දෙනිය හන්දියේ සිට අභිනවාරාමය දක්වා පෙරහරින් අමුත්තන් කැඳවාගෙන විහාරස්ථාන යට ගොස් උත්සව සභාවක් පවත්වනලද අතර ඒ ටී ආරියරත්න මහතා දීර්ඝ දේශනයක් පවත්වමින් මාර්ගයේ ඉතිරි කටයුතු සඳහා උදව් කරන බව ප්‍රකාශ කලේය.

මින් අනතුරුව සඳහන් කලයු තු කණගාටුදායක සංසිද්ධිය වූයේ නායක හාමුදුරුවන්ගේ අපවත්වීමයි දින වකවානු සිහියට නගාගත නොහැකි  වුවද පඤ්ඤාශේඛර නායක ස්වාමීන් වහනසේගෙන් පසුව විහාරස්ථානය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක වන පූජ්‍ය නවගමුවේ රේවත ස්වාමීන් වහන්සේට පවරා දෙනු ලැබිණ.

හේවායින්න කන්ද පන්සල

 

මේ පිළිබඳ මෙහි එන විස්තරය හේවායින්නේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වූ එච් ඩී ධනපාල මහතා විසින් සටහන් කරන ලද්දකී.වර්ෂ 1930 ආසන්න කාලයේදී හේවායින්න විද්‍යාලය හා ශීිිිිි අභිනවාරාම විහාරය පිළිබඳ තොරතුරු රැසක් මෙහි ලා සඳහන් කරමි. ඉදිරි පරම්පරාවට ප්‍ර යෝජනවත් වේ යයි  බලාපොරොත්තු වෙමි.

ඉහත සඳහන් පින්බිම අක්කර භාගයක් වන අතර එය පූජා කරන ලද්දේ එච් තේමානිස් පබිලිස් යන උපාසක මහත්වරු සහ හේවායින්නගේ දිසෝනා යන අයගේ පරම්පරාවේ අය විසිනි. මෙසේ පූජා කරනලද්දේ ගෟරවනීය බෝඹුවල නායක හිමිපාණන් වෙතටයි.

කාලයාගේ ඇවෑමෙන්මෙම පින්බිම ඉහත කී නායක සමිඳුන් විසින් එවකට ගණිහිගම මාරාව විහාරස්ථානාධිපති ගෞරවණීය  ගනිහිගම ධම්මතිලක නායක ස්වාමීන්වහන්සේට පිලිගන්වන ලදුව එම නායක සමිඳුන් මෙහි වැඩම කරන ලදුව විහාර භූමිය ශුධ පවිත්‍ර කරවා දායක මහතුන්ගේ  ශ්‍රමයෙන් තාවකාලික ආරාමයක් ඉඳිකර එහි වැඩසිටි සේක . උන් වහන්සේට වැඩ බහුලවීම නිසා උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක වන  ගනිහිගම පඤඤාශෙඛර හිමියන් මෙම විහාරසථානයට වැඩමවන ලදි.

එතැන් පටන් ප්‍ර දේශය එළිපෙහෙලි කර කුඩා බුදු කුටියක් ඉඳිකරන ලදී. මේ සඳහා බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමේ වගකීම දායක සභාවේ ප්‍රධාන දායන ආර් ඩී බබ්බුවා නොහොත් බබ්බුකංකානම විසින් භාරගෙන තිබිණි. අනුරාධපුර ප්‍ර ‍ද්ශයෙන් කිරිගරුඬ ප්‍රතිමාවක්  සූදානම් කර එය වැඩම කරවීම පිණිස බර කරත්තයක් යොදාගත් බව පැවැසේ. එසේ වඩමවා ගත් පිළිම වහන්සේ බුදුකුටියේ තැන්පත්කර සම්බුද්ධ පූජා පැවැත්වීම ආරම්භ විය.

මේ වනවිට ක්‍රමයෙන් දායක සංඛ්‍යාව වැඩිවෙමින්  පැවතීම නිසා ගමේ යම් දිය්ණුවක් තිබිණ.  එබැවින් නව සංඝාරාමයක් ඉදිකිරීමට සාකච්ඡා කර ගන්නාලදි. ගලෙන් බැඳ නා ලී සහ වෙනත් දැවයෙන් වහලය සාදා උළු සෙවිලි කර වැඩ නිමකරන ලදි..

 

1940 වර්‍ෂෙය් පමණ හේවායින්න විහාරස්ථානයට  තාවකාලික ධර්‍මශාලාවක් ඉඳිකිරීම ආරම්භවිය ගොම මැටි ගා නිම කල අභිනව ධර්‍මශාලාව කුඩා ළමුන්ගේ අධ්‍යාපන කටයුතු  සඳ පාසලක ආරම්භය සඳහා යොදා ගැනින. වයස අවුරුදු පහක් හෝ ආසන්න වයස් මට්ටම්වල ළමුන්පාදසලට කැඳවා ගෙන සුබ මොටහාතින් අකුරු කිරීම ඇරඹිනි. මෙම පාසලේ ප්‍රධානාචාර්ය තුමා ලෙස පඤ්ඤාගුල ප්‍රෙද්ශයෙන්  ජුවානිස් නම් මහත්මයෙක් පත්කරගත් බව පැවසේ. ඔහු බබ්බු කංකානම මහතාගේ හිතවතෙකි.(බබ්බු කංකානම ධනපාල පහත්මා ගේ සීයා ය.)පංතිය ආරම්භයේදී සිසුන් 10ක් පැමිණි අතර පළමු වෙන්ම අකුරු කියවන ලද්දේ ඩබ්. ඒ. සුරබියෙල් සිෂ්‍යාටයි.

කල් යත්ම පාසලට ගුරුතුමියක්ද බඳවා ගන්නා ලදී. පාසලේ කළමණාකරනය සදහා සමිතියක් පිහිටුවා එහි තීරණය පරිදි කළමණාකරුවෙක් ද පත්කරගන්නා ලදී.මේ කළමණාකරණ කමිටුව විසින්   විද්යාලයේ කළමණාකාර ධූරයට ආර්. ඩී. බබ්බුවා මහතා තෝරාගන්නා ලදි. ගුරුවරුන් ට මසකට රු 150 ක දීමනාවක් ගෙවන ලද බව පැවසේ.

1945 පමණ වනවිට හේවායින්න විද්යාලයේ විදුහල්පති වශයෙන් ජී.ඩී. ප්‍රනාන්දු මහතා කටයුතු කරන්නට යෙදුන අතර එතුමා ප්‍රධාන වශයෙන් පාසලට නව ඉඩමක් ලබා ගැනීම, ගොඩනැගිල්ලක් ඉඳිකිරීම.., වැනි පුරෝගාමී වැඩකටහුතු රාශියක් ඉටුවූ අතර ජී.ඩී. ප්‍රනානදු මහතා විශ්‍රාම ගියේය.

ධර්‍මශාලා කර්මාන්තය

1950 පමණ පාසලට නව ගුරු යුවලක් පැමීණිනි.මේ අයවලුන් නම් තළු අඳුර ප්‍රෙද්ශයේ ඩබ්. ඇම්. ජෙමිස් වික්‍රමසිංහ විදුහල්පති තුමා සහ එම මැතිණිය වන සෝමාවතී මැතිණියයි. මේ ගුරු යුවල විහාරස්ථානය ලැදිව කටයුතු කළබව කියවේ. විහාරසථානය මුල් කරගත් කුලඟන සමිතියක් පිහිටුවා ප්‍ර දේශ යේ ප්‍රභූන ගෙන් හා ගම්වාසීන්ගෙන්  ආධාර උපකාර ලබාගෙන  ශ්‍රමදාන ක්‍රමයක් අනුව ගල්, වැලී,දැව දඬු රැස්කරවා ධර්මශාලා කර්මාන්තය ආරම්භ කරණ ලදී.ෆම් කාලයේ විහාරස්ථ ස්වාමීන් වහන්සේ වු චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීම මක ඉක්මනින්ම අභිනව ධර්‍ම ශාලාවවිවෘත  කරන ලදී

 

බුදු මැදුර ඉඳිකිරීම

1952 ආසන්න කාලයෙ‘  දි විහාරස්ථානයෙි වැඩ වාසය කල වේවැල්වත්තේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ ගේ යෝජනාවකට අනුව නව බුදු   මැදුරක් ඉඳිකිරීම පිළිඉඳ ව දායක සභාව සාකච්ඡාකරන ලදින්  ඒ ඔස්සේ වැඩ ආරම්භ කර පිංකම් මාලාවක් ද ආධාර පත්‍ර ආදියෛන් එකතු වූ අරමුදල් යොදා ගනිමින්  බුදු මැදුර ආරම්බ විය නොබෝ කලකින්ම ඉ දිකිරීම් කටයුතු නිමවූ අතර ස්වාමීන් වහන්සේ වෙනත් ගම් ප්‍රෙද්ශයකට වැඩියහ.  

කලක නිහැඬියාවකින් පසු ගරු නායක ස්වාමීන් වහන්සේ වන ගණිහිගම පඤ්ඤාශේකර හිමියන් පන්සලේ වාසයට පැමිණ  බුදුපිලිම හා චිත්‍ර කටයුතු ආරම්භනර අවසන් කරණ ලදී. මේ වනවිට 1954 මහා පිංකමකින් නේත්‍ර ප්‍රතිශ්ඨාපනයද අනතුරු ව බුදු සිරසේ ධාතු නිදානෝත්සවය ද සිදුකරන ලදී. බුදු සිරසේ ධාතු නිධාන් කිරීම දානපති ඩී හපන්ගම මැතිතුමන්ගේ සුරතින්  සිදුකරන ලදී. මහා බුද්ධ පූජාවක් පවත්වා බුදු මැදුර ඉඳිකිරීමේ කටයුතු නිමාවට පත්වි ය.