මේ පිළිබඳ මෙහි එන විස්තරය හේවායින්නේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වූ එච්
ඩී ධනපාල මහතා විසින් සටහන් කරන ලද්දකී.වර්ෂ 1930 ආසන්න කාලයේදී හේවායින්න විද්‍යාලය
හා ශීිිිිි අභිනවාරාම විහාරය පිළිබඳ තොරතුරු රැසක් මෙහි ලා සඳහන් කරමි. ඉදිරි
පරම්පරාවට ප්‍ර
යෝජනවත් වේ යයි බලාපොරොත්තු වෙමි.
ඉහත සඳහන්
පින්බිම අක්කර භාගයක් වන අතර එය පූජා කරන ලද්දේ එච් තේමානිස් පබිලිස් යන උපාසක
මහත්වරු සහ හේවායින්නගේ දිසෝනා යන අයගේ පරම්පරාවේ අය විසිනි. මෙසේ පූජා කරනලද්දේ
ගෟරවනීය බෝඹුවල නායක හිමිපාණන් වෙතටයි.
කාලයාගේ
ඇවෑමෙන්මෙම පින්බිම ඉහත කී නායක සමිඳුන් විසින් එවකට ගණිහිගම මාරාව
විහාරස්ථානාධිපති ගෞරවණීය ගනිහිගම
ධම්මතිලක නායක ස්වාමීන්වහන්සේට පිලිගන්වන ලදුව එම නායක සමිඳුන් මෙහි වැඩම කරන ලදුව
විහාර භූමිය ශුධ පවිත්‍ර කරවා දායක මහතුන්ගේ
ශ්‍රමයෙන් තාවකාලික ආරාමයක් ඉඳිකර එහි වැඩසිටි සේක . උන් වහන්සේට වැඩ බහුලවීම
නිසා උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක වන
ගනිහිගම පඤඤාශෙඛර හිමියන් මෙම විහාරසථානයට වැඩමවන ලදි.
එතැන් පටන් ප්‍ර දේශය එළිපෙහෙලි කර කුඩා
බුදු කුටියක් ඉඳිකරන ලදී. මේ සඳහා බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමේ වගකීම දායක
සභාවේ ප්‍රධාන දායන ආර් ඩී බබ්බුවා නොහොත් බබ්බුකංකානම විසින් භාරගෙන තිබිණි.
අනුරාධපුර ප්‍ර ද්ශයෙන් කිරිගරුඬ ප්‍රතිමාවක්
සූදානම් කර එය වැඩම කරවීම පිණිස බර කරත්තයක් යොදාගත් බව පැවැසේ. එසේ වඩමවා
ගත් පිළිම වහන්සේ බුදුකුටියේ තැන්පත්කර සම්බුද්ධ පූජා පැවැත්වීම ආරම්භ විය.
මේ වනවිට ක්‍රමයෙන්
දායක සංඛ්‍යාව වැඩිවෙමින් පැවතීම නිසා ගමේ
යම් දිය්ණුවක් තිබිණ. එබැවින් නව
සංඝාරාමයක් ඉදිකිරීමට සාකච්ඡා කර ගන්නාලදි. ගලෙන් බැඳ නා ලී සහ වෙනත් දැවයෙන් වහලය
සාදා උළු සෙවිලි කර වැඩ නිමකරන ලදි..
1940 වර්ෂෙය්
පමණ හේවායින්න විහාරස්ථානයට තාවකාලික ධර්මශාලාවක්
ඉඳිකිරීම ආරම්භවිය ගොම මැටි ගා නිම කල අභිනව ධර්මශාලාව කුඩා ළමුන්ගේ අධ්‍යාපන
කටයුතු සඳ පාසලක ආරම්භය සඳහා යොදා ගැනින.
වයස අවුරුදු පහක් හෝ ආසන්න වයස් මට්ටම්වල ළමුන්පාදසලට කැඳවා ගෙන සුබ මොටහාතින්
අකුරු කිරීම ඇරඹිනි. මෙම පාසලේ ප්‍රධානාචාර්ය තුමා ලෙස පඤ්ඤාගුල ප්‍රෙද්ශයෙන් ජුවානිස් නම් මහත්මයෙක් පත්කරගත් බව පැවසේ. ඔහු
බබ්බු කංකානම මහතාගේ හිතවතෙකි.(බබ්බු කංකානම ධනපාල පහත්මා ගේ සීයා ය.)පංතිය
ආරම්භයේදී සිසුන් 10ක් පැමිණි අතර පළමු වෙන්ම අකුරු කියවන ලද්දේ ඩබ්. ඒ. සුරබියෙල්
සිෂ්යාටයි.
කල් යත්ම
පාසලට ගුරුතුමියක්ද බඳවා ගන්නා ලදී. පාසලේ කළමණාකරනය සදහා සමිතියක් පිහිටුවා එහි
තීරණය පරිදි කළමණාකරුවෙක් ද පත්කරගන්නා ලදී.මේ කළමණාකරණ කමිටුව විසින් විද්‍යාලයේ කළමණාකාර ධූරයට ආර්. ඩී. බබ්බුවා
මහතා තෝරාගන්නා ලදි. ගුරුවරුන් ට මසකට රු 150 ක දීමනාවක් ගෙවන ලද බව පැවසේ.
1945 පමණ වනවිට හේවායින්න විද්‍යාලයේ විදුහල්පති වශයෙන් ජී.ඩී. ප්‍රනාන්දු
මහතා කටයුතු කරන්නට යෙදුන අතර එතුමා ප්‍රධාන වශයෙන් පාසලට නව ඉඩමක් ලබා ගැනීම,
ගොඩනැගිල්ලක් ඉඳිකිරීම.., වැනි පුරෝගාමී වැඩකටහුතු රාශියක් ඉටුවූ අතර ජී.ඩී. ප්‍රනානදු
මහතා විශ්‍රාම ගියේය.
ධර්මශාලා
කර්මාන්තය
1950 පමණ පාසලට නව ගුරු
යුවලක් පැමීණිනි.මේ අයවලුන් නම් තළු අඳුර ප්‍රෙද්ශයේ ඩබ්. ඇම්. ජෙමිස් වික්‍රමසිංහ
විදුහල්පති තුමා සහ එම මැතිණිය වන සෝමාවතී මැතිණියයි. මේ ගුරු යුවල විහාරස්ථානය
ලැදිව කටයුතු කළබව කියවේ. විහාරසථානය මුල් කරගත් කුලඟන සමිතියක් පිහිටුවා ප්‍ර දේශ
යේ ප්‍රභූන ගෙන් හා ගම්වාසීන්ගෙන් ආධාර
උපකාර ලබාගෙන ශ්‍රමදාන ක්‍රමයක් අනුව ගල්,
වැලී,දැව දඬු රැස්කරවා ධර්මශාලා කර්මාන්තය ආරම්භ කරණ ලදී.ෆම් කාලයේ විහාරස්ථ
ස්වාමීන් වහන්සේ වු චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීම මක ඉක්මනින්ම අභිනව ධර්ම
ශාලාවවිවෘත කරන ලදී
බුදු මැදුර ඉඳිකිරීම
1952 ආසන්න කාලයෙ‘ දි විහාරස්ථානයෙි වැඩ වාසය කල වේවැල්වත්තේ
පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ ගේ යෝජනාවකට අනුව නව බුදු මැදුරක් ඉඳිකිරීම පිළිඉඳ ව දායක සභාව
සාකච්ඡාකරන ලදින් ඒ ඔස්සේ වැඩ ආරම්භ කර
පිංකම් මාලාවක් ද ආධාර පත්‍ර ආදියෛන් එකතු වූ අරමුදල් යොදා ගනිමින් බුදු මැදුර ආරම්බ විය නොබෝ කලකින්ම ඉ දිකිරීම් කටයුතු
නිමවූ අතර ස්වාමීන් වහන්සේ වෙනත් ගම් ප්‍රෙද්ශයකට වැඩියහ.
කලක නිහැඬියාවකින් පසු ගරු
නායක ස්වාමීන් වහන්සේ වන ගණිහිගම පඤ්ඤාශේකර හිමියන් පන්සලේ වාසයට පැමිණ බුදුපිලිම හා චිත්‍ර කටයුතු ආරම්භනර අවසන් කරණ
ලදී. මේ වනවිට 1954 මහා පිංකමකින් නේත්‍ර ප්රතිශ්ඨාපනයද අනතුරු ව බුදු සිරසේ ධාතු
නිදානෝත්සවය ද සිදුකරන ලදී. බුදු සිරසේ ධාතු නිධාන් කිරීම දානපති ඩී හපන්ගම
මැතිතුමන්ගේ සුරතින් සිදුකරන ලදී. මහා
බුද්ධ පූජාවක් පවත්වා බුදු මැදුර ඉඳිකිරීමේ කටයුතු නිමාවට පත්වි ය.