හේවායින්න ගමේ තොරතුරු
මා මෙහිදී අදහස් කරනුයේ මා ජීවත්වන ප්‍රදේශය පිළිබඳ මා දන්නා එසේත් නොමැතිනම් මට සොයාගත හැකි කරුණු විස්තර කිරීමටයි.එසේ වුවත් ලංකාවේ ගම් සිතියම ඔස්සේ සීමා මායිම් පණවා ගනිමින් එවැන්නක් කිරීමට මම අදහස් නොකරමි. මන්දයත් අපට දැනෙන හේවායින්න ප්‍රදේශය හා නිල හේවායින්න කන්ද ග්‍රාමය එකිනෙකට වෙනස් බැවිනි. එ් එසේ වුවද ඉහත මා සඳහන් කළ දැනෙන බව පුද්ගලබද්ධ කාරණයක් වන බැවින් මවිසින් ඉදිරිපත්කරන කරුණුවලට වඩා වෙනත් යමක් ඇතුලත්විය යුතු යයි අදහස් කරන පාඨකයෙක් වෙතොත් ඒ සඳහා මෙම පිටුවෙහි ඉඩක් වෙන් කල හැකි බවද මෙහිලා සඳහන්කරමි.
පිහිටීම
මගේමතකයට දිව යාහැකි කාලය සලකා බැලූ විට රත්නපුර දිස්ත්‍රික්ක යේ බටහිර කෙළවරට වෙන්නට පිහිටි ග්‍රාමසේවා වසම් දෙකකි මෙය බටහිර කලටුවාව සහ නැගෙනහිර කලටුවාව ලෙස නම්කර තිබිණි කලක් තිස්සේ කරනලද ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙස 139/බී හේවායින්න වසම ස්ථාපිතවීම 1977 -87 කාල සීමාව තුල සිදුවිය.(මේ දිනය කවරෙකු හෝ දන්නේ නම් මා වෙත ලබා දෙන්න) හේවායින්නේ පළමු ග්‍රාමසේවා නිලධාරී මලල්ගොඩ මහතා බව මම විශ්වාස කරමි. මේ අනුව හේවායින්න ලෙස මා විස්තර කලයුතුවන්නේ 139/බී නිල සිතියමේ ප්රදේශයයි . එසේ උවද භාවිතයේදී හේවායින්න මේ සීමාවෙන් වෙනස්වන බවද පෙනීයයි.
ග්‍රාමසේවා වසමක් ගම් කිහිපයකින් යුතුවන අතර නිලවශයෙන් ගම් නොවන එහෙත් ඊට ආසන්න ප්‍රදේශ ද ඊටත් කුඩා මණ්ඩි ද වසමනට අයත්වේ.
හේවායින්න වසම
/මෙම වසම ප්‍රධාන වශයෙන් ගම් තුනකින් සමන්විතය.එනම්/
හේවායින්න කන්ද
මාරඹකන්ද
දෙයියාගල
කළුඅඳුර
වශයෙනි
හේවයින්නකන්ද යන්න මෙම ප්‍රදේශයට නිලවශයෙන් ලේඛණවල භාවිතා වූ නාමයයි. එහෙත් මේවනවිට මුළුමහත් ප්‍රජාවම හේවායින්න ලෙස උසුරුවනු ලබයි. සීතාවක රාජධානියට අයත් යයි සැලකෙන මෙම ප්‍රදේශය රජුගේ සේනා නවත්වා තිබුන බව ජනප්‍රවාද මඟින් කියැවේ. අදටත් භාවිතා කෙරෙන හේවායින්නගේ, රන්දුනු වැනි පෙලපත් නාමයන් මෙම මතයට සාක්ෂි සපයයි.
මාරඹකන්ද නාමය කෙසේ ඇතිවූක්දැයි මම නොදනිමි(පාඨක ඔබ මේ ගැන සන්නේ නම් මාහට දන්වන්න.) මාරඹකන්දට තරමක් එපිටින් මාරඹ ගම පිහිටා ඇත. ඒ අනුව මාරඹකන්ද යනු මාරඹ ප්‍රදේශයට අයත් කඳුකරය ලෙස සිතාගත හැකිය. මාරඹකන්දෙන් වැඩි කොටසක් වැසී තිබුණේ මාරඹකන්ද වතුයායෙනි.ෂීට් රබර් නිශ්පාදනයට අවශ්‍ය කම්හලක් (රබර් ස්ටෝරුව), වත්තේ ලොකුමහත්තයාට එවකට සපයාදිය හැකි පමණින් නිලනිවසක්(ගැමි ව්‍යවහාරයට අනුව බංගලාවක්) සහ කොන්දොස්තර බංගලාවක්ද මෙහි සකසා තිබිණි.ඉන්දියා වෙන් පැමිණි දමිල කම්කරුවන් සඳහා නිවාස පංතියක් ද පැවතිණි. සුද්දගෙ වත්තෙ සුදු මහත්තයා වත්තේ කළමණාකරු ලෙස කටයුතු කරන ලදී. එහෙත් එහු එහි හිමිකරුදැයි මම නොදනිමි.ඔහු අසුන් හිමිකරුවෙක් වනඅතර සැන්දෑවට විනෝදයට අසුපිට යයි. ඒ සඳහා අසුන් ගමන්කරන මාර්ගයක් වෙනම සකසා ගිබිණ. දැනටත් හේවායින්න සමුපකාරයට ඉහලින් මෙම අශ්වමාර්ගයේ ශේෂයන් පිහිටයි.මාරඹකන්ද හේවයින්නට වඩාත්ම වැදගත් වන්නේ මාරඹකන්ද වතුයායට සකස්කරනලද මාර්ගය හේවායින්නට ප්‍රවාහන මාර්ගයක් සලසා දීමයි.මේ මාර්ගය එවකට කරත්ත පාර ලෙස ගම්මුන් හැඳින්වූයේ එහි ගමන්කලේ කරත්ත නිසා ද යන්න මම නොදනිමි.
දෙයියාගල තවත් හේවායින්න වසමට අයත් ගම්මානයකි. දෙහි ආ ගල නොහොත් දෙහි මතුවු ස්ථානය ලෙස ද දෙවියන් වැඩි ගල ලෙසද මත දෙකක් ගැමියන් අතර පවතී. එහෙත් මේ පිළිබඳ වෙනත් මත හෝ වැඩි විස්තර දන්නා පාඨකයන් මේ ගැන විස්තර සපයනු ඇතැයි සිතමි.
කළුඅඳුර මෙම වසමට අයත් අනිත් ප්‍රධාන ගම්මානයයි. කළු මැදිරිය නම් ගස් විශේෂයක් තිබූ ප්‍රදේශයක් කළුමැදිරිය කළු ඇඳිරිය ලෙස ද පසුව එය කළු අඳුර ලෙසද කටවහරේ පහසුව පිණිස සකස් වී ග්‍රාම නාමය සෑදී ඇතැයි සැලකේ.
දෙයියාගල ගම මේ වසමේ විශාලතමගම් ප්රදේශයයි. එහි ගම්මණ්ඩි කිහිපයකි. දෙයියාගල නැගෙනහිර පැත්තේ කඳුකරය හිඟුරහේන ලෙස හැඳින්වේ. මෙම කොටස දැනටමත් වෙනම ගම්මානයක් ලෙස පරිවර්තනය වී ඇතිබවද හැඟේ.
හිඟුරහේන කොටසේ දකුණු කෙළවර අතීතයේ දී විශාල හොර ගස්වලින් සමන්විත නිසා හොරමණ්ඩිය ලෙසින් භාවිතා කලබවට පැරැන්නන් සාක්ෂි සපයයි.එසේ උවද දැනට මෙම ප්‍රදේශයෙන් හොර ගස් සොයාගත නොහැක.
දෙයියාගල ග්‍රාමයේ වයඹ දෙසට විශාලතම ගම්මණ්ඩිය හමුවෙයි. රජයමඟින් කොස් වවා තිබූ හෙයින් කොස්හේන නම් වූ මෙම කොටසෙහි පසුව හවරිනුග (ගිනිකූරු) වවනලද අතර 1960 දශකයේ දී පිටස්තර පුද්ගලයන් මෙන්ම පසුව ගම්වැසියන් ද මෙම කොටස අත්පත් කර වගා කරනලදී මෙසේ වගාකර අත්හැර තිබූ කොටස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විනාශකාරී ෆයිනස් වගාකරන ලදී. මෙමකොටස ෆයිනස් කෑල්ල ලෙස හඳුන්වන්නට ගැමියන් පුරුදු විය. කොස්හේනේ උතුරු කොටසින් අක්කර 50 ක ප්‍රදේශයක් 1970-77 කාලය තුල ඉඩම් නොමැති.........ජ නතාවට බෙදාදෙන ලදී. මෙම කොටස අක්කර 50 ලෙසින් හඳුන්වනු ලබයි.
මේ එක් එක් ගම්මාන තුල වූ විවිධ ගම්මණ්ඩි සඳහා වෙනස් නම් භාවිතා වේ.හේවායින්න ග්‍රාමයේ දකුණු ප්‍රදේශය කොස්මංඩිය ලෙසද බටහිර ප්‍රදේශය බොලොක්කැලේ ලෙසද ගම්ම්ණ්ඩි දෙකකි. ගම්මණ්ඩි නොවුනද වැදගත් ස්ථාන නාම කිහිපයක් නම් දිලිසෙන ඇල්ල , දං පිට්ටනිය,බුං වල,කලු වල,වංගුව, දෙල්ගස්වංගුව, මහ දුං ගහ,කැලෑ බෝධිය රබර් කොටුව, දෙල්ගස් වංගුව, වැනි ස්ථාන නාම සැලකිය හැකිය. හේවායින්නේ කථාව කියන්නට මේවාද වැදගත්වනු ඇත. ඉත්තෑගලහේන දෙයියාගල නිරිත කොටසට වන්නට පිහිටි පුද්ගලික ඉඩම් ප්රදේශයකි.
ප්‍රදේශයේ වීවගාව එතරම් ජනප්‍රිය නොවුනද බත සපයන වී වගා ඉඩම් කිහිපයකි.හීනටිදෙනිය ඒ අතරින් විශාලතම කොටසයි. පුරන් කුඹුර තැන්නපිටදෙනිය,බස්නාහිරගොඩගගගගගගගගගගගගගගගග
හේවායින්න ප්‍රදේශය පිළිබඳ කතාන්දරය දිගහරින්නට නම් දෙයියාගල ලෙස මා විස්තරකල ප්‍රදේශය සහ බටහිර කලටුවාව වසමට අයත් ප්‍රදේශයක්ද මීට ඈඳා ගත යුතුයයි මා සිත මුරගායි. ටකරන් හේන, බදුවත්ත,පහලකනත්ත, නගරපල ලෙස හැඳින්වෙන ගම්මණ්ඩි අමතකකරමින් හේවායින්නේ කතාව ලිවීම අපහසු බව පෙනේ.
හේවායින්න ට යාබද විශාලතම බිම්කොටස මීසිබල් කැලෑවයි.මේ මීසිබල් කථාව මා මුලින්ම දැනගත්තේ හේවායින්න පාසලේ එවකටසේවය කල ගුරු මහත්මියකගෙනි.ඇය මෙම කැලෑව පිළිබඳ ව රචනයක් ලිවීමට පවරමින් කියා සිටියේ කොළඹ නගර සභාව(Municipal council) ට ඉංග්‍රීසියෙන් කියන නම ගම්වැසියන් උසුරුවා ගත්තතේ මීසිබල් කැලේ ලෙසයි. කෙසේ නමුත් ඇයගේ උපදෙස් පරිදි අපි එදින වැවේකැලේ මම දවසක් යයි රචනාවක් ලිවීමි.එහි අඩංගු නොවුනද ප්‍රදේශවාසීන්ගේ කියල නැති සොම්නස් කතාව වගෙම දොම්නස් කතාවත් මේ වැවේ කැලේ නොහොත් මීසිබල් කැලෑවයි.
1029) කලටුවාව ජලාශය
(රත්නපුර දිස්ත්‍රික්කය ) ***
1886- 1957 අතර කාලයේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල ඉදි කර පවත්වාගෙන ගිය කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය වසර ගණනාවක් පුරා දැඩි පිරිහීමට ලක්ව තිබු අතර පසුව මෙහි වැදගත්කම හදුනා ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇක්සස් ඉංජිනේරු සමාගම හා Fevarosi Vizumvek ආයතනය සමඟ සම්බන්ධව හංගේරියානු රජයේ ආධාර මත නැවතත් කලටුවාව ජල පිරිපහදු ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.
කොළඹ නගරය හා ඊට තදාසන්න ප්‍රදේශ වල ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කිරීමේ අරමුණින් නැවතත් ගොඩ නැගුන මෙම කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය මහරගම,හෝමාගම,පාදුක්ක,කඩුවෙල,සීතාවක,කෝට්ටේ,කැස්බෑව,කොලොන්නාව යන ප්‍රදේශයන්හි ජල පරිභෝජන අවශ්‍යතා ඉටු කරනු ලබයි.
ලංකාවේ පිහිටි සොබා සෞන්දර්යෙන් පිරි ස්ථාන අතර කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානයද ඉතා අසිරියක් ගන්නේය. සබරගමුව හා බස්නාහිර පළාත් ආවරණය වන පරිදි කලටුවාව ජලාශය ජල ප්රභවය කර ගත් මෙහි අක්කර 3500ක පෝෂිත ප්‍රදේශයක් ඇති අතර කලටුවාව ජලාශය අක්කර 320ක් පුරා විහිදී ඇත. කලටුවාව ජලාශයේ ප්රයධාන වේල්ලේ දිග අඩි 980ක් වන අතර ප්‍රධාන වේල්ලේ උස අඩි 80කින් සමන්විත වේ. පරිවහන නල 2ක් හා විදුලි උත්පාදන යන්ත්‍ර 2කින් යුත් කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 370කට වඩා ඉහලින් පිහිටා ඇති නිසා පවිත්‍රාගාරය දක්වාත් ඉන් අනතුරුව කොළඹ ප්‍රදේශය දක්වාත් ජලය ගමන් කරනු ලබන්නේ ගුරුත්ව බලයෙනි. කලටුවාව ජල පෝෂක ප්‍රදේශයේ සුන්දරත්වය රැගත් රූප රාමු ඔබට පහලින් බලා ගැනීමට හැක. ( https://www.facebook.com/267536100356886/posts/571019643341862/)

කොළඹ නගරයට පිරිසිදු ජලය ලබාදීමට කලටුවාව ප්‍රදේශයේදී වක් ඔය හරස් කර ජලාශයක් තැනීමට කරනලද තීරණය 1955 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද්දේ කොළඹ නගර සභාවයි. කිසියම් හෝ වැසි ජල බිංදුවක් පොළව මතට වැටුනවිට ජලාශයදෙසට යන්නේ නම් ඒ බෑවුම හා ප්‍රතිවිරුද්ධ බෑවුමද රක්ෂිතයට ඇතුලත්වන පරිදි සියලු ඉඩම් නගර සභාවට පවරා ගැනුනි. ඒ සඳහාමුදලින් වන්දි මෙන් ම ඉඩම් ද ලැබුනු බව පැවසෙයි. එහෙත් එවකටඉඩම් හිමියන්ගෙන් බහුතරයකගේ මුල්‍ය පාලනයේ දුර්වලතාවය නිසා එම මුදල් ප්‍රයෝජනවත් කාර්යයකට නොයොදා වියදම් කලබැවින් බොහෝ දෙනෙක් හේවායින්න ප්‍රදේශයට පැමිණ හේන සකස් කරගනිමින් පදිංචි වූහ.
මිනිරන් පතල
හේවායින්න සහ මාරඹකන්ද ගම්මාන දෙකට අයත් ප්‍රදේශවල මිනිරන් කර්මාන්තය සිදුවූ බවට සාධක තවමත් පවතී. වැවේ කැලේ ප්‍රදේශය පමණක් නොව ඉත්තෑගලහේන ලෙස හැඳින්වෙන ගම් මණ්ඩිය ද මිනිරන් කර්මාන්තය කෙරීලෙන ගිය බවට සාධක පවතී. හේවායිනන ප්‍රදේශයට පිටතින් සංක්‍රමණ සිදුවූයේ මේ මිනිරන් කර්මාන්තය සඳහා බව කියැවේ. මෙසේ පැමිනි පව්ල් අද දක්වාමත් මෙම ප්‍රදේශයේ ජීවත් වේ. මේ අය බොහෝ දෙනෙක් ඔවුන් පැමිණි ගම් ප්‍රදේශය අනුව හැඳින්වීමට ගම්වැසියන් පුරුදු පුහුණුවී සිටිබව පෙනේ. මේ ගම් ප්‍රදේශ සියල්ලම සඳහන් කිරීමට මා අපොහොසත් යයි විශ්වාශ කරමි. මාදන්නා ගම් කිහිපයක් නම් පැලහැල, කිතලංගමුව,හිස්සැල්ල,කරන්දෙනිය ආදිය වේ. පතලේ ආරම්භය සොයා යායුතුව ඇත. කලටුවාව ජලාශයට ඉඩම් පවරා ගැනීමත් සමඟ මිනිරන් කර්මාන්තය පිරිහිගිය බවක් පෙනේ. මේ යුගයවන තෙක් හේවයින්න ප්‍රදේශයේ වෙළඳසැලක් නොතිබූ බව කියැවේ. මුල්වරට පතල් සේවකයන් සඳහා තේ කඩයක් විවෘත කරනලද අතර එය පතලෙකඩේ ලෙසද එහි මුදලාලි මහතා පතලෙකඩේ මුදලාලි ලෙසද හඳුන්වන ලදී. මගේ ස්මරණයන් ට දිවයාහැකි කාලය වනවිට මෙම පතලෙ කඩේ වැසී ගොස් උවද පතලෙ කඩේ ජෙමා මුදලාලි මගේ මතකයේ ඇඳී පවතින්නේ උත්තුංග දේහධාරී ගොවියකු ලෙසිනි. කම්බි ලේන්සු දෙකක් ගෙන එකකින් ජටාවක් බඳින ඔහු බොහෝ දෙනෙකුගේ හිතවතෙකි. දැන් සමාජයේ මෙන් නොව එවකට කුඹුරු හේන් ගොවිතැන් කරන විට බොහෝ දෙනෙක් අමුඩය යොදාගත් අතර ඒසඳහා යොදාගන්නා කම්බි ලේන්සුව ගමේ කඩවලද මිලදී ගැනීමට තිබිණි.
හේවායින්න වෙළඳ සල
පතලෙ කඩේ වැසී යාමෙන් අනතුරු ව කඩයක අවශ්‍යතාවය සපුරා ලීම සඳහා බිහිවූ ව්‍යාපාරික ස්ථානය හේවායින්න වෙළඳ සැළයි(1957). දැනට එනමින් හැඳින්වූවද පතලෙකඩේ වෙනුවට විවෘත වූ මෙම වෙළඳ සැලද ගම්මුන් විසින් හැඳැන් වූයේ පතලෙ කඩේ නමින් මය. නමුත් අයිතිකරුවන් හැඳින්වීම සඳහා පොඩි මුදලාලි සහ ලොකු මුදලාලි යන වදන් භාවිතයට ගත්තේ මේ වෙළඳ සැල ආරම්භ කරන ලද්දේ සොහොයුරන් දෙදෙනෙක් බැවිනි. හේවායින්නේ මුල්පදිංචි කරුවන් ගෙන් පැවත එන පරපුරක එච් තෙපානිස් මහතා සහ අයි මොයිසා ගේ පුතුන් තිදෙනා ගෙන් එච් සියදෝරිස් සහ එච් ලුවිස් යන දෙදෙනා විසින් වෙළඳසැල පවත්වාගෙන යනලදී. මෙම පව්ලේ ගැහැණු දරුවන් දෙදෙනෙකි. ඔවුන් විවාහවී වෙනත් ප්‍රදේශවල වාසය කරයි. එවකට මෙම වෙළඳසැල මඟින් නිකුත්කල රිසිටපත් අන්ව රබර් මිලදීගැනීමේ කුවිතාන්සි වල එච. සියදෝරිස් ලෙසද අනිකුත් රිසිටපත්වල එච් ලුවිස් සහෝදරයා ලෙසද සටහන්වී තිබෙන් දක්නා ලදී.
මගේමතකයේ ඈතම කෙළවරට අනුව මෙම වෙළඳසැලේ වෙළඳාම් කටයුතු සඳහා සහයට වෙළඳ සහායකයන් සිටියහ. මේ අය සෙවනො, යනුස්ටන් වැනි මතකයන් සිතට නැගි එයි. කලු පැහැති මොරිස්මයිනර් රථයක්(CL 3339) වෙළඳසැලට අයත්ව තිබූ අතර ගම්මුන්ගේ අවශ්‍යතා සඳහාද මෙය වෙන්කරවාගත හැකිව තිබිණි.කිහිප වතාවකදීම අසනිපවී බෙහෙත් ගැනීමට දොස්තර බාලා තමෝදරම්පිල්ලෙයි (දෙවෙනිමහත්තයා) වෙත ගියබව මතකයි.සතියට වරක් හෝ දෙවරක් වෙළද සැලට අවශ්‍ය බඩුරැගෙන එන්නේ පියදාසගේ ඔස්ටින් ලොරියයි.සුමුදු ඒ ලොරි රථයට දී තිබු නමයි.අපට මීට අමතර ලොරියක් හෝ වෙනත් ලොකු වාහනයක් දක්නට ලැබෙන්නේ ම නැත. පාසැලේ බාලාංශ පන්තියේ සිටියදී දිනක් මේ ලොරිය එනු දැක පන්තියෙන් එළියට බැස එය බලාසිටීමේ වරදට ගුටිකෑ දරුවන් අතර මමද එක් අයෙක්මි.
පතල කඩේ නැතිනම් පහලකඩේ නැතිදෙයක් නැති තරම්යයි ගම්මු පවසනු ඇසී ඇත(65-74). කම්බි ලේන්සුවේ සිට බැනියම්, චීත්ත, සරම් දක්වා, අල්පෙනිති ඉඳිකටු, ලිපිද්‍රව්‍ය, සහල් එළවලු කරවලආදි සියල්ල මෙහි තිබිණි. තේ කාමරය සහ ග්‍රොසරි කාමරය ලෙස කොටස් දෙකකින් යුක්ත වූ මෙයි තේ පැත්තේ ඉදිරිපස තඹ බොයිලේරුවක් නිතර වතුර උණුවෙමින් තිබිණ. ගමේ අය සකස් කරන ඉඳිආප්ප, සුදු ආප්ප, හැලප වැනි දේට අමතරව ගමේ හැදුනු කෙසෙල් කැනක් නිතර එල්ලෙමින් තිබිණ. මේ හේවායින්න වෙළඳසැලට පාන් රැගෙන ඒමට පාන් කාරයෙක් නිතරම පැමිණෙයි. ඔහු බටපොතු පෙට්ටියක පාන් පුරවා හිස මත තබාගෙන පයින් ම පැමිණේ . එන්නේ කොහි සිටදැයි මම නොදනිමි.එහෙත් ගැටහැත්ත හෝ දිව්රුම්පිටිය ලෙස මම අනුමාන කරමි.පාන්වලට දමන දූන්තෙල් නිසා හමනසුවඳ මෙන්ම එහි රසයද අපට දැන් ලැබෙන පාන්වලට වඩා බෙහෙවින් වැඩියයි දැනුදු සිතේ. එහෙත් ප්රත්යක්ෂ සත්‍ය එය නෙවීමට පුළුවන. පාන් ගෙඩියක මිල එවකට ශත 35ක් වූ අතර ගමේ දී එය ශත 36ක් විය.මේ අනුව පාන් ගෙඩියක් මෙහි රැගෙන ඒම වෙනුවෙන් ශතයක පමණ මුදලක් පාන්කාරයාට ලැබෙන්නට ඇත.මීට අමතරව ලෑතර,සව්බර,විස්කිරිඤ්ඤා,ඉඟුරුඇඟිලි හා හුලං විස්කෝත්තු ද මෙහි විකුණුන බේකරිනිෂ්පාදන අතර විය. රබර් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතාකරන ඇසිටික් ඇසිඩ් අඩි දෙකක්පමණ උස අඩි එකහමාරක පමණ පලලින් යුතු බෝතලයකදමා වේවැල් කූඩයක ඇසුරුම් කර ගෙන එනු ලබයි.මෙම(විශාල) බෝතලයේ කට කපාගැනීමෙන් හුලං විස්කෝත්තු අසුරන බෝතලය සකසා තිබ්ණි. මතකයේ ඈතකෙළවර රැඳුනු මතකයන්ට අනුවමෙහි බික්ති ඔර්ලෝසු දෙකක් හා රේඩියෝ යන්ත්‍රයක් ද තිබිණි.අදට මේවා පිළිබඳ සටහන් කිරීම විහිලුවක් සේ පෙනුනද එවකට ගමටම ඇත්තේ ඔර්ලෝසු හතරක් හෝ පහක් විය හැක.රේඩියෝ එකක් හෝ දෙකකි.
හේවායින්න වෙළඳසැල සමූහ ව්‍යාපාරයක්ලෙස විවිධ කේෂ්ත්‍ර ඔස්සේ පුළුල්වෙමින් ඉදිරියට ගමන් කලේ 1960-80 දශකය තුලයි.එවකට ඔලිවර් මහතා විසින් පාලනය කල රබර් වත්ත ඔලිවර් වත්ත විය. එහෙත් එය ගම්මුන්ට ඔරුවර කෑල්ල විය. මෙම කොටස හේවායින්න වෙළඳසැල විසින් අත්පත් කරගැනීමෙන් පසුව එය අක්කර 21 ලෙස නැවතබෞතීස්ම විය.
හේවායින්න ප්‍රදේශයට ක්‍රියාත්මක වූ පළමු බේකරිය කළුඅඳුරේ විමලවීර මහතාගේ බේකරියයි. එය ආරම්භ වී නොබෝ කලකින් හේවායින්න වෙළඳසැලට අනුබද්ධව බේකරියක් විවෘත විය.එයින් පසුව ගමේ විශේෂ පුද්ගලයෙක් ලෙස බේකරියේ බාස් උන්නැහේ ගේ චරිතය ද ඇතුලත්විය. බේකරිය විවෘත වූ දිනවල සවසට පාන් සුවඳ විහිදෙද්දී උණුසුම් පාන් රැගෙන අතින් කඩාගෙන බෙදා ගෙන කෑම බහුල ව දක්නට ලැබිණ. කාලයක් තිස්සේ පවත්වා ගෙන ආ මෙම බේකරිය සඳහා ස්ථිර බාස් කෙනෙක් නොමැති වීම හේතුවෙන් වෙළඳ සැලේම අයගේ කාර්යයක් ලෙස සලකා පවත්වා ලෙන යනු ලැබිණ. එසේ උවද ප්‍රදේශයේ තුන්වන බේකරිය ලෙස දහම්ප්රිය සහෝදරයින් බේකරියක් විවෘත කරන ලදී. කෙටි කලකින් ම පොඩි දහම්ප්රිය මහතා තනිවම බේකරිය ආරම්භ කර දියුරුම්පිටිය එවරස්ට් සිට කලටුවාව දක්වාම ප්‍රදේශයට පාන් සැපයීමේ වගකීම දරා සිටියේය. ක්‍රමයෙන් චූං පාන් රථවල ආගමනය හා සමඟ ප්‍රදේශයේ බේකරි අභාවයට පත්විය. නෙවිල් බේකරිය වෙනුවෙන් පළමු චූං පාන් රථය ගෙන එන ලද්දේ ජෝතිපාල.(කිටිනා) අයියා විසිනි.
බේකරිය ඇතිවීමට සමකාලීනව සමූහ ව්‍යාපාරයට එක්වුන තවත් අංශයක් වූයේ ගොයම් පාගන යන්ත්රයයි. අද මෙන් දියුණු සුනාමි වැනි යන්ත්‍ර එවකට නොතිබිණ එසේ වුවත් කපන ලද ගොයම් අතින් යන්ත්‍රයට ලබාදෙන මෝටරයක් මින් බලගන්වනු ලැබූ මෙම යන්ත්‍රය ප්‍රදේශවාසීන් විසින් ඉක්මනින්ම වැලඳ ගත්බව පෙනීයයි.
1970 දි ලංකාවේ වාම සංකල්ප සහිත රජයක් බිහිවූ යේ ලංකාවේ පළමු වරට ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය තුනෙන්දෙකක පාර්ලිමේන්තු බලයක් ද සහිතවයි. මෙම සමඟි පෙරමුණු රජයප්රතිපත්තියක් ලෙස පෞද්ගලික අංශයේ විශාල ව්‍යවසායයන් රාජ්‍ය ව්‍යවසායයන් බවට පත්කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලදි. සමහර ප්‍රාදේශීය දේශපාලන බලවතුන් මෙම ප්‍රතිපත්තිය අව භාවිතකරමින් විපක්ෂ දේශපාලන යේ යෙදුනු දේශපාලකයින් ගේ කුඩා ව්‍යාපරයන් පවා ජනසතුකිරීමට කටයුතුකලහ. මේ තත්වයට මුහුණ දීමට හේවායින්න වෙළඳ සැලටද සිදුවිය. ඒ අනුවමෙම යෝජනාව ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට යොමු කර තිබුණි. සංඝරත්නය සහ ආණ්ඩු පක්ෂයේ සමහර ක්‍රියාකාරීන් ගේද ගම්වැසියන්ගේද විරෝධය හමුවේ මෙම යෝජනාව ඉවත්කරගන්නා ලදී.
කරත්ත පාර
මාරඹකන්ද වත්ත සිට පුවක්පිටියට යාම සඳහා මෙම මාර්ගය වත්තමඟින් සකස්කරතිබිණ.මෙය තුම්මෝදර පාරතෙක් කොටස එවකට වත්ත මඟින් නඩත්තු කරන ලද අතර පසු කාලීනව එම වත්තේ හිමිකාරිත්වය වෙනස්වීමනිසා නඩත්තුකටයුතු අක්රමවත්විය. විටින් විට ශ්‍රමදාන මඟින් පිළිසකර කිරීම් සිදු වුවද තුම්මෝදර පාරට වැටෙන ස්ථානයේ පිහිටි පාලම අබලන් වීම නිසා කිසිසේත්ම ගමන්කල නොහැකිව අතහැර දැමීම සිදුවිය.උස සහ දිග වැඩි විශාල පාලමක් නිසා මෙය නැවත ඉඳිකිරීම සඳහා රාජ්‍ය මුදල් වෙන්කරවා ගැනීමට කරන ලද ප්රයත්නයන් නිශ්ප්‍රභ විය. මෙහිදීගාමිණි ජයසූරිය සහ එම්. ඩී. වීරසේන මහත්වරුන්ගේ ඉදිරිපත්වීම ඔස්සේ පාලම තිබිය යුතු ස්ථානය වෙනස්කර විකල්ප ස්ථානයකින් අඩුවියදමකින් පාලමක් ඉඳිකිරීමට ගම්වාසීන්ගේ සහය ඇතිව කටයුතු කරන ලදී. මේ හේතුවෙන් මාරඹකන්ද කරත්තපාර ඉතිහාසයට අයත් මාර්ග නාමයක් පමණක් වීමට තිබූ ඉඩ වැලැක්විනි. මෙම මාර්ගයට කරත්තපාර යයි කියනුලබන්නේ එවකට භාවිත වූ වර්ගීකරනය මත විය හැකිය.
· අඩි පාර
· කරත්ත පාර
· ගුරු පාර
· තාර පාර
· මහ මාර්ගය
එවකට භාවිතා වූ මාර්ග වර්ගීකරණයකි.
ආරම්භයේදී මෙ මාර්ගයේ වැඩි කොටස කොස්හේන කැලයෙන් වැසී තිබිණි. හේවායින්න වෙළඳසැල, පන්සල පාර හංදිය(මීහරක් පාර), දෙල්ගස් වංගුව හීනටි දෙනිය , වංගුව(උමගේ අසල) පසුකර තුම්මෝදර පාර තෙක් මෙම මාර්ගය දිවෙයි.අවශ්‍ය තරම් බෝක්කු පලාපු කලුගල් යොදා ශක්තිමත්ව සකස්කර ඇති මෙහි ගල් අතුරා කොන්ක්‍රිට් ගල් යොදා ඇති අතර රබර් මිල අඩු වූ සමයක මාරඹකන්ද වතුයායේ ඔටටුපාල් උණුකර තාර වෙනුවට යොදා ඇතැයි පැරැන්නෝ පවසයි.
කරත්ත පාර කාලයක් තිස්සේ කිසිදු දියුණුවක් නොලබා ගෙවී ගියේය. අනතුරු ව සිව් ග්‍රාමීය මාර්ගයට අයත් කොටස ාලට් දමා සංවර්ධනය කරන ලදී(ඉතිරි කොටස සම්පූර්ණ කලළ යඅතුය
රජයේ බෙහෙත්ශාලාව
බොහෝ කාලයක් තිස්සේ සතියට දින දෙකක් අවිස්සාවේල්ල රෝහලේ වෛද්‍යවරයෙක බෙහෙත් දීම සඳහා තවත් නිලධාරියකු සමඟ මෙහි පැමිණෙයි. ජනවහරෙහි ආණ්ඩුවේ ඩිස්පෙන්සරිය ලෙස හැඳින්වුවද මෙය ආණ්ඩුවේ සංචාරක බෙහෙත් ශාලාව ලෙස නිලවශයෙන් හඳුන්වන ලදි. හේවායින්න අභිනවාරාම පටුමගේ පිහිටි එච්.ඩී. ධනපාල මහතාගේ නිවසෙහි මෙම ආයතනය පවත්වාගෙන ගිය බව මතකයි. එම නිවසේ මිදුලේ ජම්බු ගසක් සහ මා මුලින්ම දුටු කරාබු ගසද මගේ මතකයෙහි අදද රැඳී සිටී. දොස්තර මහතා පැමිණෙන තෙක් රැඳී සිටින අපට ජම්බු ගෙඩියක් හෝ කරාබු නැට්ටක් අහුලා ගැනීමට තහනමක් නොවුනද අප සමඟ එන වැඩිහිටියන් මේවා සැලකුවේ ඉතා අගුණ දේවල් ලෙසයි. ඊටම සරිලන පරිදි එවකට ලබා දුන් පණු බෙහෙත නොහොත් ඇන්ටිපාර් වලට බොහෝ පලතුරු විශ සහිතය.කොතලාවල දොස්තර මහතා ගම්මුන්ගේ ආදරයට පත්වන්නේ මෙම බෙහෙත් ශාලාවේ කටයුතු සඳහා නොවරදවා පැමිණි දොස්තර මහතා ඔහු වන බැවිනි.
පසු කාලීනව මෙම බෙහෙත්ශාලාව පවත්වාගෙන යාමට නොහැකිව අකර්මන්‍ය වූ අතර වරින්වර නැවත පණගන්වන්නට ගත් උත්සාහයන් සමඟ විවිධ ස්ථානවල මෙම සංචාරක බෙහෙත් ශාලාව ක්‍රියාත්මක විය.