Saturday, March 19, 2022

 

හේවායින්න කන්ද විද්‍යාලය

හේවායින්න පිළිබඳ කතාකරන්නෙකුට හේවායින්න විද්‍යාලය අමතක කරමින් එය සිදුකල නොහැකිය යන්න මගේ හැඟීමයි. මෙහි සඳහන් වන බොහෝ කරුණු  සුනීතා වික්‍රමසිංහ ගුරුතුමිය විසින් සිය පුහුණු පාඨමාලාව වෙනුවෙන් සම්පාදනය කල නිබන්ධනය ඇසුරු කරගත්බව මෙහි ලා සඳහන් කරමි.1985 වර්ශය දක්වා පමණ තොරතුරු මෙහි අඩංගු වේ.

මෙම ඉතිහාසය ආරම්භ වනුයේ 1927 තරම් ඈත සමයකදීය. එවකට ලංකාවේ පාසල් අධ්‍යාපනය ඉංග්‍රිසි යුගයේ ස්ථාපිත පාසල් ක්‍රමයයි. මේ ක්‍රමයට අනුව ඉංගීසි පාසල් සහ ස්වභාෂා පසල් ලෙස බෙදා වෙන් කර තිබිණි.ඔවකට ස්වභාෂා පාසල් පාලනය කරන ලද්දේසමාගම් මඝින් විය. දන්නා පරිදි 1927 වර්ශයේ දිනක ප්‍රදේශයේ ප්‍රභූ පිරිසක් විහාරස්ථානයට රැස්වූයේ ගම්වාසී දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ව කතාබහක් වෙනුවෙනි. මෙසමයෙහි හේවායින්න ්භිනවාරාමාධිපති ලෙස කටයුතු කල බෝඹුවල හාමුදුරුවෝ( උන් වහන්සේ ගේනිවැරදි නම දන්නේ නම් ලබා දෙන්න) මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ප්‍රදේශයේ පාසල් පවත්වා ගෙන ගිය සංගමයේ කළමණාකාර්ත්වය හෙබවූ බී. ධම්මාලෝක හිමියන් වෙතඉදිරිපත් කල ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස හේවායින්නකන්ද විද්‍යාලයයබෞද්ධ මිශ්‍ර ස්වභාෂපාසලක් ලෙස ආරම්භ විය. ඒ 1928 සැප්තැම්බර් මස 19 දිනයයි.

මේ සහා ශ්‍රී කල්‍යාණෝදය සමිතිය පිහිටුවා එහි සභාපතිත්වයට බබ්බු කංකානම නොහොත් ආර්.ඩී. බබ්බුවා මහතා පත්කර්භිනව පාසලේ කළමණාකාරිත්වය ඔහුට පවරන ලදී. හේවායින්න මිශ්‍ර පාඨශාලාවේ පළමු විදුහල්පතිවරයා දොන් පෙචෝරිස් බව පාසලේ ලේඛණ සාක්ෂි දරයි.පළමු උප ගුරුවරිය ලෙස ඩී.බී.බාලසූරිය මහත්මිය කටයුතු කරන ලදී.

 

 

පළමු ශිෂ්‍ය නාමාවලිය

1.       ඩබ්. ඒ. සුරබියෙල්

2.       එච්. සියදෝරිස්

3.       සේතං

4.       සිඟිට්ට

5.       නෝරිස්

6.       ආර්.ඩී. අසනේරිස්

7.       ඇල්මන් සිංඤෝ

8.       එච්.ඒ.ගුණවර්ධන

9.       සේනාරත්න

10.   තෙපානිස්

11.   ඇල්බියා

12.   සූටියා

13.   එනේරිස්

14.   සිරිවර්ධන

15.   සාදා

16.   තේමිස්

17.   විනෝරිස්

18.   මාටින්

19.   සයිමන්

20.   කේ.ඩී.පීටර්

21.   ආර්.ඩී.දිසනේරිස්

22.   එල්.කේ සිමියොන්

23.   සියදෝරිස්

24.   අල්පෝනිස්

 

25.   ජොසිනා

26.   එලද හාමි

27.   රනේ හාමි

28.   ඥාණවතී

29.   ඇසිලින්

30.   රොසලින්

 

මේ හේවායින්නකන්ද විද්‍යාලයේ පළමු පුරුක් වන අද වන විට මේ අය බොහෝ දෙනෙක් (2020) මෙලොව්න් සමුලගන ය.පාසල මුලින්ම පිහිටුවන ලද්දේ හේවායින්න අභිනවාරාමයේ ධර්මශාලා පරිශ්‍රයේ බව පැරැන්නෝ පවසති. අනතුරුව කටුමැටි ගසා පොල්අතු සෙවිලිකල ශාගාවක පාසල පවත්වාලෙන ගිය බව සඳහන් වේ.මේ නිසා මෙ පාසලට හේවායින්න විද්‍යාලය ලෙස නම් ලැබුණු බව ඔවුන්ගේ මතයයි.

කුමයෙන් පාසලට දරුවන් වැඩීවීම නිසා අලුත් ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගැණින.මේ සඳහා රජයෙන් ඉඩමක් ලැබුණේ දැනටත් පාසල පවත්වාගෙනයන ස්ථානයේය.මෙම කොටස දෙයියාගල ගමට අයත් උවද පාසලේ නම හේවායින්න වීමට හේතුව ඉහත පැහැදිලි කර ඇත.  සරා ආතා මුල් අත්ත කපල හදාපු මේ පාසල් ගොඩනැගිල්ල රජයේ ඉඩමක රජයේ වියදමින් තමයි ඉඳි කලේ.අපේ මතකයේ අදටත් තියන පාසල් සිහිවටන මේ පාසලෙන් තමයි ගත්තෙ. උගුරැස්ස ගහ,වරත ගස්, කොහොඔ ගහ එහෙම නේද? ඒත් අද වෙනවිට මේ ගොඩනැගිල්ලෙ එදා තිබුණ සිංහල උළු  නා ලී එහෙම නෑ. මේ කියන පළමු ස්ථිර ගොඩනැගිල්ල 1945සැප්තැම්බර් 4 විවෘත කරල තියනවඒ කාලෙ කළමණාකාරතුමා ඩී.ඒ.වික්‍රමසිංහ කියල මහත්මයෙක්.ජී.ඩී.ප්‍රනාන්දු කියන්නෙ පාසලේ මුල් ගරුතුමා නැතිනම් අපේ භාෂාවෙන නම් ලොකුමහත්තයා. මේ අපේ තනි හෝල් එකේ ඉස්කෝලෙ අටවෙනි පංතියට විතර පංති තිබුණලු. ලමයි 145 කියලයි කියන්නෙ. මේ තනි හෝල් එකේ පුංචි ඉස්කෝලෙරජයට භාරගන්නෙ 1950 01 03 දිනයේදී.මේ සඳහා මූලික වූවන් අතර එච්. සයිමන්, ඩබ්. බේබියා වගේ නමි කියවිල තිබුණා.

මීට පස්සෙ කාලය තුල පාසකට විදුහල්පතිවරු ගුරුතුමන්ල ආව ගියා වෙන්න ඇති. ඒත් මම උපුටාගන්න ලේඛණයලියපු කෙනාට එහෙම වැදගත් යයි සටහන් කරන්න දෙයක් තිබිල නැහැ.පාසලේ හෝල් එකට යාබද ව ගුරුනිවාසය තිබුණා. මේ කාලයේදී ලොකු මහත්තයා(විදුහල්පති) ගුරු නිවාසයෙ පදිංචි වෙලා ඉන්නවා.ලොතු සර් හිටියෙ හෝල් එක කෙළවර විදුහල්පති මේසය තිියාගෙන.මේ මේසය පිටුපස බිත්තියේ බුදු රුවක් තියල ඒකට මල් වට්ටියක් පූජාකරනව උදේ ට. අපට පන්සලක් තිබුණේම නෑ කේ.ඩී. ජිනදාස ලොකු මහතා1963 අවසානයේ පාසලට පත්වුණා. එතුමට උවමනා වුණා පාසලට බුදුමැදුරක් තනවන්නට ඒ උත්සාහය පල දැරූ දිනය ලොග් සටහනක ලියැවිලා තිබුණේ1966.03.11 ලෙසයි. ඔය දිනයෙන් පසුව අපි මල් කඩලා පංසල ඇමදල මල් පූජා කරණ යුගයක් ආව. ජිනදාස මහත්මයා 1966 අප්‍රේල් මාසයෙදි ස්ථාන මාරුවී ගියා.එතුමට උවමනාවක් තිබුණාබෝධි රෝපණයකුත් කරන්න. ජේමිස් වික්‍රමසිංහ ලොකුමහත්තයා මේ කාර්යය කරන දවසේ මේ ගැන සඳහනක් කළා.

1968.5.3 දින සී ගලතුර කියල විදුහල්පතිවරයෙක් වැඩ බාරගත්ත. මේ කාලය වනවිට මේ අපේ කනිහෝල් එකේ ඉස්කෝලෙ ඉඩ මදි.පොල් අතඅ සෙවිලිකරල තාවකාලික ශාලාවක් හැදුවා. 4 5 පන්ති මේ ශාලාවේ පැවැත්වුණා. මේ කාලයෙදි හේවායින්න විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය ආරම්භ නරල බොහොම ක්‍රියාකාරී මට්ටමක තිබුණ. මේ කාලය අතරතුරදා පාසලේ විවිධ කටයුතු සඳහා අරමුදල් එකතුකරන්න සල්පිල් වගේ දේවල් ක්‍රියාත්මක වුණාග ගලතුර මහත්මා මේවට ලක්දිව නමගිය කවියන් ගේ සහභාගිත්වය ලබා දුන් බව මතකයි. මාකඳුරේ ගුණවර්ධන, මිණිපුර සිරිසේන,වගේ කවියන් අපි දැක්කෙත් මේවායෙදා තමයි.මේ කාලෙදි තමයි ඉඩකඩ ගැටළුවට වාසඳුමක් ලෙස නව ශාලාවක් හදන්න යෝජනා වුණේ. ලෙපල සකස් කිරීම ගලතුර මහතාගේ කාලයේ සිදු වුවද මුල්ගල් තැබූ දිනය ලෙස 1972.05.27 සටහන් වී තිබුණා.

1971.01.03 කියන්නෙ කේ පියසිරි විදුහල්පති තුමා වැඩ බාරගත්ත දිනය.මේ කාලයෙ තමයි ගුරු දෙගුරු ශාලාව සම්පූර්ණ කරන්නෙ. පාසලෛ් දෙවන ගොඩනැගිල්ල මේ ශාලාවයි.

No comments:

Post a Comment